සාමාන්‍ය පෙළට පෙර පාසල්වල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

 12/03/2017 - 13:50
8 reads

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත පාසල් සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබෙනවා.

NEWS24 වෙත අදහස් දක්වමින්  එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව පැවසුවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව සිය අවධානය යොමු කළ යුතු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
O/L
dengue Prevention
school