ගම්පොල හිටපු නගරාධිපති සරත් ගාමිණී නිදහස් පක්ෂයට එක්වෙයි

 12/02/2017 - 19:21
93 reads

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී තිබෙනවා.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ නුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට ද අද පෙරවරුවේදී ජනාධිපතිවරයා කටයුතු කළ  බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා.

නුවරඑළිය ආසන සම සංවිධායක - රොෂාන් ගුණවර්ධන මහතා

මහනුවර දිස්ත්‍රික්කය - සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා 

ගම්පහ දිස්ත්‍රික්ය - ප්‍රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක දිසානායක මහතා

කොළඹ දිස්ත්‍රික්කය - චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය

ගාල්ල දිස්ත්‍රික්කය - අසාම් හමාඩ් මහතා

අනුරාධපුර දිස්ත්‍රික්කය - එම්.ආර්.බී. ඥානතිලක මහතා

පුත්තලම දිස්ත්‍රික්කය - මල්පිනී විතාරණ මහත්මිය

ගාල්ල දිස්ත්‍රික්කය - පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය

නින්දවූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය - වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා

රත්නපුර දිස්ත්‍රික්කය - සමන් ඉන්දික මානවගේ මහතා/කේ.එම්.එස්.එස්. රත්නායක මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - එම්.එච්.එම් සහීල් මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මුස්ලිම් ජන ප්‍රදේශය - අබ්දුල් මජීඩ් ජාහීර් මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය - එස්.විග්නේෂ්වරන් මහතා

මඩකලපුව දිස්ත්‍රික්කය - එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා

මහනුවර දිස්ත්‍රික්කය - අලගර් සෙල්වකුමාරන් මහතා

රත්නපුර දිස්ත්‍රික්කය - නිමල් ගාමිණී වීරසිංහ මහතා

 

news24.lk
News24
sri lanka news 24
24 news