සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා දේවාභරණ පෙරහර ගමන් අරඹයි

 12/02/2017 - 13:32
14 reads

හෙටින් ආරම්භ වන සිරිපා වන්දනාව සඳහා සධාතුක කරඬුව හා දේවආභරණ සිරිපා මලුව කරා වැඩම කරවීමේ පෙරහැර අද අලුයම ඓතිහාසික ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයෙන් පිටත් වුණා.

ඒ අනුව හැටන් මාර්ගය ඔස්සේ ආරම්භ කරන රිය පෙරහැර අලුයම   05.02ට යෙදෙන සුභ මොහොතින් පිටත් වුණා.

පැරණි රජමාවත වන පලාබද්දල  මාර්ගයෙන් ගමන් කෙරෙන  පෙරහැර ආරම්භ වූයේ අලුයම 06.03ටයි.

තුන්වන පෙරහැර බලංගොඩ මාර්ගයෙන් ගමන් කෙරෙන අතර එය පෙරවරු 07.53ට යෙදුනු සුභ මොහොතින් විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලැබුවා.

මාර්ග තුනෙන් වැඩම කරන ලද සමන් දේව පිළිරුව සහ දේව ආභරණ උඳුවප් පොහොය යෙදෙන හෙට අලුයම සුබ  මොහොතින් සිරිපා මලුවේ සමන් දේව මාළිඟයේ තැන්පත් කර නිල වශයෙන් සිරිපා කරුණා සමය ආරම්භ කරනු ඇති.

සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනයෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Sripada
Adam's Peak