තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරය නිමවා ජනපති දිවයිනට

 12/01/2017 - 05:50
8 reads

තෙදින දකුණු කොරියානු සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී කාලයේදී යළි දිවයිනට පැමිණියා.

රාත්‍රී 11.15 ට පමණ කැතේ පැසිපික් ගුවන්සේවයට අයත් සී.එස්. 411 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මෙරටට ළඟා වූ බවයි NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයින්ගේ ආරාධානාවකට අනුව ජනාධිපතිවරයා සංචාරයේ නිරත වූවා.

එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට ජනාධිපතිවරයා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා ද පැවැත් වූ අතර, ශ්‍රී ලංකාවට වැදගත් ගිවිසුම් 5 කට ද අත්සන් තැබුණා.

news24.lk
News24
sri lanka news 24
24 news
President
Republic of Korea