ජනපතිගේ සොහොයුරු ඝාතනයේ වරදකරුට සිරදඬුවම්

 12/01/2017 - 08:52
556 reads

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු  වන ප්‍රියන්ත සිරිසේන මහතාට පොරොවකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පොලොන්නරුව නවනගරය හතර ඇළ වීර පෙදෙස  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර දහ අටක සිර දඩුවම්නියම කර තිබෙනවා.

ඒ පොලොන්නරුව මහාධිකරණය විසින්.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් හා 20000ක දඩයක් ගෙවන ලෙසට ද මහා අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවිර මහතා විසින් ඊයේ (30) නියෝග ලබා දී තිබෙනවා.

විත්තිකරු වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද, නියම කරන ලද දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඩුවමකට ද  යටත් කර ඇති බව  NEWS24 වාර්තාකරු පවසනවා.

පොලොන්නරුව නව නගරය හතර ඇළ වීර පෙදෙස  ප්‍රදේශයේදී,  පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව  සිටි  ප්‍රියන්ත සිරිසේන මහතාට 2015 මාර්තු 26 දින පොරොවකින් පහර දී ඝාතනය  සිදුකළ  බවටයි  නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණේ.

හත් දෙනෙකුගෙන් සමන්විත ජුරි සභාවක් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණු අතර මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට ජූරි සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
president's brother
axe attack
Priyantha Sirisena
Polonnaruwa