ජනපති ප්‍රධානත්වයෙන් දකුණු කොරියාවේදී ව්‍යාපාරික හමුවක්

 11/30/2017 - 14:40
11 reads

දකුණූ කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සහභාගී වූ සාර්ථක ව්‍යාපාරික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සෝල් නුවර දී පැවැත්වුණා.
නැගෙනහිර ආසියානු කළාපයේ ප්‍රධාන පෙලේ සමාගම්වල සියයකට අධික  කොරියානු නියෝජිතයින් පිරිසක් මෙම හමුවට එක්ව  සිටි අතර මෙරට ව්‍යාපාරිකයින් විසි දෙනෙකු පමණ ද ඊට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා මෙන්ම එහිදී සැපයෙන පහසුකම් පිළිබඳව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් එහිදී ආයෝජකයින් දැනුවත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news