ජනපති සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

 11/29/2017 - 18:12
2 reads

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනය පරිදි එහි තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ සෝල් නුවර පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූවා.
මව්බිම වෙනුවෙන් දිවි පුද කළ දකුණු කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් නුවර ජාතික සුසාන භූමියේ මෙම රණවිරු ස්මාරකය ස්ථාපිත කර තිබෙනවා.
එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එහි පාලක An Suhyun   මහතා ඇතුථ පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගැනුණා.
හමුදා උත්තමාචාර මධ්‍යයේ රණවිරු ස්මාරකය අභිමුව මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වු ජනාධිපතිතුමා එහි නිරන්තරයෙන් දැල්වෙන පහනට සුවද ධූප එක් කරනු ලැබුවා.
අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ බවයි එහි සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news