ශ්‍රී ලංකා සහ දකුණු කොරියානු ජනාධිපතිවරුන් නීල මන්දිරයේදී හමුවෙයි

 11/29/2017 - 12:27
87 reads

දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති මූන් ජෙයින් අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ සෝල් අගනුවර පිහිටි එරට ජනාධිපති මන්දිරය වන නීල මන්දිරයේදීයි.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙම හමුව දෙරට අතර වසර 40ක් පුරා පවතින රාජතාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කෙරෙන ඓතිහාසික අවස්ථාවක් බවයි.

සිවිල් යුද්ධයකින් පසුව නැගී සිටින ශ්‍රී ලංකාවට ආාර්ථිකමය වශයෙන් ශක්තියක්වීමට රටක් ලෙස අවස්ථාව හිමිවීම පිළිබඳ සතුටට පත්වන බවයි එහිදී අදහස් පළ කරමින් කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news