දකුණු කොරියාවේදී අද ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතයි

 11/29/2017 - 05:24
47 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු සංචාරයේ දෙවන දිනය අදයි.

අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලවශයෙන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයින් හමුවීමට නියමිතව තිබෙනවා.

ඒ එරට ජනාධිපතිවරයාගේ නිල නිවස වන නීල හරිත මන්දිරයේදියි.

එමෙන්ම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන ගිවිසුම් පහකට දෙරටේ නියෝජිතයින් අත්සන් තැබීමට නියමිතයි.

ඒ අතර, ආර්ථික සංවර්ධන ගිවිසුමක් මෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්‍ෂතතාව තහවුරු කෙරන බලපත්‍ර ක්‍රමයක් ගැන සලකා බැලෙන ගිවිසුමක් ද වන බව සඳහන්.

එමෙන්ම, ආර්ථික සංවර්ධන අරමුදල සහ කොරියානු ආර්ථික බැංකුව සමග ආර්ථික ගිවිසුමක් ද, සංස්කෘතික කලා සහ තරුණ කටයුතු පිළිබඳ ගිවිසුමක් ද අත්සන් තැබෙනු ඇති.

පස් වන ගිවිසුම ලෙස අත්සන් තැබීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොරියානු වෙළෙඳ ආයෝජන ඒජන්සිය සමග ඇති කර ගනු ලබන ගිවිසුමකටයි.

news24.lk
News24
sri lanka news 24
24 news