ජනපති මෛතී‍ සහ දකුණු කොරියානු ජනපති අතර නිල හමුව හෙට (29)

 11/28/2017 - 08:13
12 reads

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින්  අතර නිල හමුව හෙට  (29) පෙරවරුවේ පැවැත්වෙනවා.  

දෙරටේ රාජ්‍ය නායකයන් අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය හා සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන්ම ආයෝජන සහයෝගීතාව හා රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද ජනාධිවරයාගේ රාජ්‍ය  සංචාරය අතරතුර දී අත්සන් තැබීමට නියමිතයි.

ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික හමුවකට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක් වීමට නියමිත අතර, එරට වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග  හමුවකට ද එක්වනු ඇත.

එමෙන්ම මව්බිම වෙනුවෙන් දිවි පුදකළ කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් අගනුවර ස්ථාපිත කර ඇති ස්මාරකය නැරඹිමට ද එක්වන ජනාධිපතිවරයා  කොරියානු පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන සුප‍්‍රසිද්ධ ජොග්යේ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද නියමිතයි.

අද (28) පෙරවරුවේ සෝල් අගනුවර Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  ළඟාවූ  නියමිත  ජනාධිපතිවරයා, කොරියානු ජනරජය විසින්  ඉතා හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

ලොව හත්වන ආර්ථික බලවතා බවට පත්ව ඇත්තේ  දකුණු කොරියාවයි.

බලවත්ම ආර්ථික සංවර්ධනයක් සහිත රටවල් 20න් සමන්විත ජී20 කණ්ඩායමේ රටවල් අතර වැඩිම ආර්ථික අතිරික්තයක් තිබෙන රට බවට පත්ව ඇත්තේද දකුණු කොරියාවයි.

අපනයනය අතින් ලොව සිව්වන ස්ථානය ලබාගෙන සිටී.

ශී‍්‍ර ලංකාව සහ දකුණු කොරියාව අතර ඉතා ඵලදායී ආර්ථික සහ අයෝජන සබඳතා රැසක් පවතිනවා.

ශී‍්‍ර ලාංකිකයන් තිස් දහසක් පමණ දැනට එහි රැකියාවල නිරතව සිටින බව විදේශ රැකියා ඇමති තලතා අතුකෝරල මහත්මිය ඊයේ (27) අයවැය කාරක සභා අවස්ථා  විවාදයේ දී ද සඳහන් කළා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගියේ  දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින්ගේ ආරාධනයකට අනුවයි.

ශී‍්‍ර ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ආරම්භ කර වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වන අතර, ශී‍්‍ර ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.

news24.lk
News24
sri lanka news 24
24 news
President Maithripala Sirisena
Republic of Korea