දකුණු කොරියාවට ගිය ජනපතිට උණුසුම් හරසර

 11/28/2017 - 07:15
90 reads

දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු දුත පිරිස  අද එරටට ළඟා වුණා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 348 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ ඊයේ පස්වරු කාලයේදියි.
දකුණූ කොරියානු ජනාධිපති   මුන් ජෙයින්ගේ නිල ආරාධනයකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වනවා.
දකුණූ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා ජනාධිපතිවරයා අතර හමුවක් අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතයි.
මේ ජනාධිපතිවරයාගේ කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන දකුණූ කොරියාවේ සෝල් නුවර සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර.

 

news24.lk
News24
sri lanka news 24
24 news