ජනපතිගේ දකුණු කොරියානු සංචාරයේදී මෙරට ශ්‍රමිකයන්ගේ සුබසාධනය ගැන විශේෂ අවධානයක්

 11/27/2017 - 15:16
13 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණූ කොරියානු සංචාරයේ දී මෙරට ශ්‍රමිකයන්ගේ සුභ සාධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.
මෙරට ශ්‍රමිකයන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.
ශ්‍රමිකයන්ගේ සේවා සුරක්ෂිතතාවය මෙන්ම සේවක අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යන කරුණූ මෙම ගිවිසුම්වලදී සලකා බැලීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
දකුණු කොරියාවේ සේවා අංශයට අදාළව මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථාව ලබාදීම කෙරෙහි ද ජනාධිපති මුන් ජෙයින් සමඟ පැවැත්වෙන සාකච්ඡාවල දී අවධානය යොමු වනු ඇති.
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ද ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවන බවයි සොල් නුවර සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර පැවසුවේ.
ශ්‍රමික සුබ සාධනයට අමරව ආර්ථික, සංවර්ධන සහ සංස්කෘතික යන අංශ ඔස්සේ දකුණු කොරියාව සහ ශ්‍රී ලංකා රජය ගිවිසුම් ගතවනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news