ජනපතිගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය හෙට ඇරඹේ

 11/27/2017 - 15:07
44 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය හෙට ආරම්භ වනවා.
ඒ, දකුණූ කොරියානු ජනාධිපති  මුන් ජෙයින්ගේ නිල ආරාධනයකට අනුවයි.
ශ්‍රි ලංකා දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම සංචාරය සිදුවනවා.
ජනාධිපතිවරයා ඇතුලු මෙරට දුත පිරිස පිළිගැනීම සඳහා එරට බලධාරීන් මේ වනවිට විශේෂ සුදානමකින් පසුවන බවයි දකුණූ කොරියාවේ සෝල් නුවර සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news