ජනපති මෛත්‍රී සෝල් නුවර පිහිටි හමුදා ස්මාරකය වෙත කැඳවාගෙන යාමට සැලසුම්

 11/27/2017 - 15:19
13 reads

දකුණූ කොරියාවේි නිල සංචාරයක් ආරම්භ කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරට දී රාජ්‍ය නායකයෙකුට හිමිවන ඉහළම පිළිගැනීම සහිත විශේෂ හමුදා උත්තමාචාරයක් පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා.
එරට ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවන සෝල් නුවර පිහිටි හමුදා ස්මාරකය වෙත ද මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවාගෙන යාමට සැලසුම් කර ඇති බවයි නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර පැවසුවේ.
දකුණූ කොරියානුවන් සිදු කළ යුද ක්‍රියාන්විතවල දී මියගිය හමුදා සෙබලුන් අනුස්මරණය කිරීම සඳහා මෙම ස්මාරකය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
දකුණූ කොරියානු ජනතාව දිනපතා අදාළ හමුදා ස්මාරකයට ගරු බුහුමන් දක්වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

news24.lk
News24
sri lanka news 24
24 news