දකුණු කොරියාවට යන ශ්‍රී ලංකා ජනපතිට විශේෂ හමුදා උත්තමාචාරයක්

 11/27/2017 - 15:09
43 reads

දකුණූ කොරියාවේි නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විශේෂ හමුදා උත්තමාචාරයක් පිරිනැමීමට එරට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා වන පුහුණූවීම්  කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි සෝල් අගනුවර සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ.
එරට ආරක්ෂක අංශවල විවිධ නිර්මාණ අංග ඇතුලත් කරමින් මෙම හමුදා උත්තමාචාරය සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news