මාවනැල්ලේ රිය අනතුරකින් 5 දෙනෙකු රෝහලේ

 11/23/2017 - 16:53
51 reads

හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ අල්පිටිය ප්‍රදේශයේදී  සිදු වු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අතුරු මාර්ගයක සිට යතුරු පැදියක් අපරික්ෂාකාරී ලෙස  ප්‍රධාන  මාර්ගයට ඇතුලු කිරීමට යැමෙදි බවයි NEWS 24 වාර්තාකරු සඳහන් කළේ.

මාවනැල්ල දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළුව මගින් තිදෙනකු සිට ඇති අතර මෙම අනතුරෙන් එම මගීන් තිදෙනා සහ යතුරු පැදියේ පැමිණි දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news