ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

 11/23/2017 - 16:37
13 reads

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි මන්ත්‍රීිවරු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී තිබෙනවා.

ඒ, ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ඔවුන් පළාත් පාලන ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා

අධිකරණයේ පවතින පෙත්සම් විභාගයක් නිසා එසේ කළ නොහැකි නම් පෙත්සම්කරුවන්ගේ ඉල්ල්ම්වලට අදාළ වන කොට්ඨාශ හැර අනෙක් ස්ථානවල ඡන්දය පවත්වන ලෙසයි

ඒකාබද්ධ විපක්ෂය ඡන්ද කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news