පැරණි ක්‍රමයට එ.ජා.පය මැතිවරණය ඉල්ලයි

 11/23/2017 - 13:16
49 reads

පැරණි මනාප ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
ඔවුන් පෙන්වාදෙන්නේ නඩු කටයුත්තක් හේතුවෙන් හෝ මැතිවරණය කල්දැමීම කිසිසේත් අනුමත නොකරන බවයි.
කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර් සහ චමින්ද විජේසිරි යන එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් අද පාර්ලිමේන්තු සැසිවාරයේ ආරම්භයේදීම මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා.
ඊට ප්‍රතිචාර දැක් වූ සභානායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසුවේ මැතිවරණයට අදාළව නඩු කටයුත්තක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒ සඳහා නිෂ්චිත තීණ්දුවක් ගත නොහැකි බවයි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කතානායකරූ ජය සූරිය මහතා ප්‍රකාශ කළා.
එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ රංජිත් සොයිසා යන මහත්වරුන් ද එක් වුණා.
මේ අතර, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ තමන්ට ජීවිත තර්ජන පවතන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news