කොළඹ රථ වාහන තදබදය මඬින්න හැදෙන සුඛෝපභෝගි දුම්රිය මාර්ග මෙන්න [වීඩියෝ සහිතයි]

 11/23/2017 - 12:33
466 reads

කොළඹ ආශ්‍රිතව මතුවන අධික රථ වාහන තදබදය අවම කිරීම පිණිස සුඛෝපභෝගි සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ මූලික අදියරේ ශක්‍යතා වාර්තාව සහ උපදේශන කාර්යයන් සඳහා ජාත්‍යන්තර උපදේශක ආයතනයක් වන කොරියාවේ සෙන් යං ආයතනය සමග ගිවිසුම් ගතවීම ඊයේ (22) සිදුව තිබෙනවා.
ගිවිසුම අත්සන් කර දින හතක් ඇතුළත අදාළ ආයතනය සිය වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මිලියන 202ක් වැය කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග කිහිපයක් ඉදිකිරීමට යෝජිතයි.
එ් අනුව
බම්බලපිටිය, කොල්ලපිටිය, බොරැල්ල, යුනියන් පෙදෙස සිට මරදාන දක්වාත්, කොටුව, මරදාන මට්ටක්කුලිය හරහා පෑලියගොඩ දක්වාත්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හැව්ලොක් ටවුන් හරහා බම්බලපිටිය දක්වත්, මාලඹේ බත්තරමුල්ල හරහා පිටකොටුවත් මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට යෝජිතයි.
එසේම මාලඹේ සිට කොට්ටාවටත් මාලඹේ සිට කඩුවෙලටත් සහ පෑලියගොඩ සිට කඩුවෙල දක්වාත් මෙම මාර්ග ඉදිකිරීමට යෝජිතයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news