සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය අවසන්

 11/23/2017 - 07:14
3 reads

වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති 18ක සාමාජිකයින් ක්‍රියාත්මක කළ පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය උදෑසන 7ට අවසන් වුණා.
සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ සිය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බලධාරීන්ට සති දෙකක කාලයක් ලබා දෙන බවයි.
දින දෙකක් පුරා සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතු අඩාල වුණා.
මෙම වැඩවර්ජනය හේතුවෙන් මහනුවර රෝහලේ වකුගඩු සහ පිළිකා ඒකකයේ කටයුතු අඩාළ වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත් වූ බවයි වාර්තා වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news