මැතිවරණය නිෂ්චිත දිනයේම පවත්වන්න නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් ඒකමතික තීරණයක්

 11/23/2017 - 09:11
135 reads

මේ විට සැලසුම් කර ඇති පරිදි නිෂ්චිත කාල සීමාව තුළ  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ ඒකමතික යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සම්මත වී තිබෙනවා.
මෙම රැස්වීම ඊයේ රාත්‍රියේ පැවැත් වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා නිව්ස් 24 වෙත සඳහන් කළා.
ඒකාබද්ධ විපක්‍ෂය සමග එක් වී ඉදිරි මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news