භූගෝල විද්‍යා පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමෙන් රජයට මිලියන 155ක පාඩුවක්

 11/23/2017 - 07:25
9 reads

හත් වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 155ක අලාභයක් සිදුවී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බවයි එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ.
මෙම පෙළපොත් භාවිතා කිරීමෙන් සිසුන්ට අක්ෂි රෝග, චර්ම රෝග මෙන්ම ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව කාර්මික තාක්ෂණ ආයතනය මීට පෙර වාර්තා කර තිබුණා.
ඒ අනුව මේ වන විට එම පෙළපොත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news