ජනපති 28 දකුණු කොරියාවට

 11/22/2017 - 19:01
14 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 28 වනදා දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වනවා.
කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ ඇරයුමකට අනුව අදාළ සංචාරය සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
කොරියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවීය සාකච්ඡා නොවැම්බර් 29 වනදා පැවැත්වීමට නියමිතයි.
ආර්ථීක සහයෝගීතාව, ආර්ථික සංවර්ධන අරමුදල් සහ සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකටද, මෙහිදී අත්සන් තැබීමට  නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news