අර්ජුන් ඇලෝසියස් මුදල් දුන් බවට ෆෝන්සේකාගෙන් ප්‍රකාශයක්

 11/21/2017 - 08:25
432 reads

මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් තමන්ට මුදල් ලබා දුන් බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

බැඳුම්කර සිද්ධියේදී දුරකථනයෙන් ඔබතුමාටත් කතා කරලා තියෙනවද?

ඇලෝසියස්ද?

ඔව්...

ඇලෝසියස් මම එක සැරයක් හමුවෙලා තියෙනවා. මහ මැතිවරණයට කලින් මගේ කාර්යාලයට ඇවිත් රුපියල් ලක්ෂයක් දීලා ගියා මැතිවරණයට ආධාර කියලා. ඒ ඇරෙන්න මං කවදාවත් එයා අඳුනගෙන හිටියේ නැහැ. මැතිවරණ අවදියේදි සාමාන්‍යයෙන් ලක්ෂෙ දෙක හුඟාක් අය ඇවිත් දෙනවානේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news