දඩයක්කරුවන් තිදෙනෙක් මාට්ටු

 11/20/2017 - 17:07
44 reads

හම්බන්තොට යෝජිත වල් අලි කළමනාකරණ රක්ෂිතයේ කෑලිගම මලආර ප්‍රදේශයේ වන සතුන් දයම් කිරීමේ නිරතව සිටි දඩයක්කරුවන් තිදෙනකු ගිනි අවිද සමග වනජීවි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදී අද(20) අත්ඩංගුවට ගෙන තිබෙනවා.  හම්බන්තොට වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලදාරී ජේ.ඒ.පී. විජය කුමාර මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් රාත්‍රී කාලයේදී හාවෙක් දඩයම් කර එම මස් රාත්‍රීයේදීම පිස ආහාරයට ගෙන අලුයම් කාලයේදී තවත් සතුන් දඩයම් කිරීමට සූදානම් අවස්ථාවේදී අත්ඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සමග දඩයම් කරන ලද හාවෙකුගේ සිරුරු කොටස්, පිසින ලද මස් කොටස්, බෝර 12 උණ්ඩ යොන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, පිහි දෙකක්, කවිදුලි පන්දම් දෙකක් ඇතුළු ආම්පන්න ද සිය භාරයට ගත් බවයි අඩවි ආරක්ෂක නිලධාරීවරයා කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බඳගිරිය, යහන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනක් බවත් ප්‍රධාන සැකකරුගේ බිරිය මීට පෙර දඩමස් සිය නිවසේ අධිශීතකරණයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වී ඇති බවත් වනජීවි නිලදාරීන් පවසනවා. සැකකරුවන් අද (20) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප - සනත් ගමගේ - හම්බන්තොට

news24.lk
News24
sri lanka news 24
24 news