යාපනය මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරල ගංජා තොගයක් සොයාගැනේ

 11/20/2017 - 15:52
14 reads

යාපනය - පේදුරුතුඩුව සහ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 03 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවුක හමුදාව සඳහන් කළේ සොයාගත් කේරල ගංජා තොගයේ බර 153kg ක් පමණ වන බවයි.

එම කේරල ගංජා තොගය යාපනය කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී ඇති අතර, ඒවා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news