UPDATE: උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

 04/10/2017 - 12:45
10 reads

අනුරාධපුරයේ සිට වව්නියාව බලා තෙල් ප්‍රවාහනය කරන දුම්රියක් අද පෙරවරුවේ පිලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වව්නියාව දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතරතුර දී දුම්රිය එන්ජිමක් එලෙස පිලීපැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් වව්නියාව දුම්රිය ස්ථානය හරහා ගමන් කරන දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව ඔවුන් සඳහන් කළා.
පැයක පමණ කාලයක් තුළ දී දුම්රිය ගමනා ගමන කටයුතු යථා  තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ.


වවුනියාවේදී දුම්රියක් පීලි පනී [04/10/2017 - 12:02]

උතුරු දුම්රිය මාර්ගයේ වවුනියාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැන තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ප්‍රමාදව සිදු වන බවයි.  තොරතුරු බලාපොරොත්තු වන්න.