රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට

 11/18/2017 - 16:10
11 reads

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු වව්නියාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10ක් පමණ පොලිස් භාරයට ගෙන ඇති බවයි NEWS 24 වාර්තාකරු පැවසුවේ.

සැකකරු කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද වව්නියාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news