පීඩාවට පත් පුද්ගලයන්ට බව පවසමින් බඩු භාණ්ඩ එක්රැස් කිරීමේ කූට ව්‍යාපාරයක්

 11/18/2017 - 10:22
45 reads

යාපනය දිස්ත්‍රික්කයට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සහන කඳවුරුවල සිටින පුද්ගලයින්ට බව පවසමින් සහන කණ්ඩායම්වලට අමතරව බඩු භාණ්ඩ එක්රැස් කිරීමේ කූට ව්‍යාපාරයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහෙත් මේ වනවිට කිසිදු සහන කඳවුරක් යාපනය දිස්ත්‍රික්කයේ නොමැති බවත් භාණ්ඩ එක්රැස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Jaffna
flood
Relief
Rain
Weather