බිරිද ඝාතනය කළ සැමියෙක් වස පානය කරයි

 11/17/2017 - 20:04
45 reads

නුවරඑළිය, රේස්කොස් ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී සිය බිරිද ඝාතනය කර ඔහු ද වස පානය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නුවරඑළිය, හාවාඑළිය, ගැමුණු මාවතේ පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක්.

අදාළ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑළිය  රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news