රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15 කින් ඉහළට

 11/15/2017 - 12:24
1178 reads

ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

මෙම වැටුප් වැඩිවීමට අනුව කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපතිවරයා දක්වා වැටුප් වැඩි වනු ඇති.

ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000සේ සිට රුපියල් 23,000 දක්වා වැඩි වන අතර, නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දස දහස දක්වා වැඩි වනවා.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 60,000 සේ සිට රුපියල් 69,756 දක්වා වැඩි වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news