ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි

 11/15/2017 - 12:17
43 reads

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තුන්දෙනා ලබන 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.

පසුගිය රජය සමයේ වෙනත් ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ මුදල්වලින් බිලියන 4ක් හම්බන්තොට හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමේ සිද්ධියකට අදාළව මොවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.

ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කියා සිටියේ පොදු දේපල අවභාවිත කිරීම යටතේ ඇප ලබාදිය නොහැකි බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news