උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අනුරාධපුරයට සීමාවෙයි

 11/15/2017 - 12:10
92 reads

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්‍රගාමී දුම්රිය මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී ඊයේ පීලි පැනීමකට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රිය අනුරාධපුරය දක්වාත්, යාපනය සිට පැමිණෙන දුම්රිය මැදවච්චිය දක්වාත් සීමා කර තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news