මීරිගම රූපලාවන්‍යාගාරයක් තුළදී තරුණියක් මියයාම ගැන විවෘත තීන්දුවක්

 11/15/2017 - 11:43
470 reads

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කළ තරුණියක සැකකට  යුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

රාගම රෝහලේදී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, දේහයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් විවෘත තීන්දුව ලබාදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව දේහය ඥාතීන් වෙත බාරදී තිබෙනවා.

රූපලාවන්‍යාගාරයක සේවය කළ තරුණියක සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට  පසුගිය සඳුදා පස්වරුවේ මීරිගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතලවනාන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news