වැල්ලවායේදී විදුලි සැර වැදී වන අලියෙකු මරුට

 11/15/2017 - 10:47
11 reads

වැල්ලවාය ආනපල්ලම තුනේ කනුව ගම්මානයට ඊයේ රාත්‍රි පැමිනි වන අලියෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු විසිදෙකක පමන වන අලියෙකු බව වනජීවි නිලධාරීන් පවසනවා.

එක දිගට මෙම ගම්මානයට වනඅලි තර්ජනය පවතින අතර එම නිසා ප්‍රදේශයේ ජනතාවට ද දැඩි ජීවත තර්ජන එල්ල වී ඇති ප්‍රදේශවාසීන් පවසනවා.

විදුලි වැටක් සකසා තිබුනද එහි නිසි පරිදි විදුලිය නොමැති නිසා මෙම වන අලි ගම් වදින ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම වන අලියා මිය යෑම පිළිබඳ වැල්ලවාය අඩවි වන නිලධාරීන් සහ වැල්ලවාය පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news