පොදු සමාකාලය දීර්ඝ කරේ

 11/15/2017 - 09:14
6 reads

යුධ හමුදා සේවය හැරගිය සෙබලුන්හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබාදී තිබූ පොදු සමාකාලය දීර්ඝ කර තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ඒ අනුව එම පොදු සමා කාලය ලබන 22 වන දා දක්වා දීර්ඝ කර ඇති බවයි.

පසුගිය 23 වන දා ආරම්භ වූ පොදු සමාකාලය අද අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව මේ වන විට සේවයෙන් ඉවත් වීම සඳහා අදාළ මූලස්ථානවෙත වාර්තා කර ඇති සෙබලුන්ගේ සංඛ්‍යාව 8052 ක්.

පොදු සමාකාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා වාර්තා කළ සංඛ්‍යාවේ ප්‍රවණතාව සහ එම කාලය දීර්ඝ කරන ලෙස සිදු කළ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news