කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින පිරිස අඩුවේ

 11/15/2017 - 08:25
55 reads

කුවේට් සුරක්‍ෂා නිවාසයේ මේ වන විට රැඳී සිටින්නේ කාන්තාවන් 85 දෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශය සඳහන් කරන්නේ මේ වන විට සුබසාධන කඳවුරෙහි ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.

ඒ අනුව, සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් 85 දෙනාද කඩිනමින් මෙම වසර අවසන් වීමට පෙර යළි දිවයිනට ගෙන්වාගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරයන්ට ලක් වූ පුද්ගලයින් 27 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියා.

2016 වසරේ විවිධ කරදවලට ලක්ව යළි දිවයිනට ගෙන්වනු ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1324 ක්.

ඒ සඳහා කුවේට් ඩිනාර් 17,392 ක මුදලක් වැය කර ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news