ඉන්ධන අර්බුදය ගැන සොයන්න පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට චෝදනා

 11/15/2017 - 07:38
52 reads

ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට තොරතුරු දැනසිටිය ද ඛනිජතෙල් සංස්ථාව ඊට මුහුණදීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බවට ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව චෝදනා කරනවා.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වා නොගැනීම තොග  කළමනාකරණය නොකිරීම ඇතුළු කරුණු රැසක් ඉන්ධන අර්බුධයට හේතු වී ඇති බවයි එම අනුකමිටුව නිකුත් කළ වාර්තාවේ දැක් වුණේ.

මේ සම්බන්ධයෙන් විශේෂඥයින් ලවා තවදුරටත් පරීක්‍ෂා කළ යුතු බවට ද අදාළ අනුකමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ  අමාත්‍ය අනු කමිටු වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබුවා.

අදාළ ත්‍රිපුද්ගල කමිටුවට පාඨලි චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළත්.

 

news24.lk
News24
sri lanka news 24
24 news