සුසිල් ප්‍රේම ජයන්ත් පැමිණ දුක කි හැටි ගාමිණී ලොකුගේ හෙළි කරයි

 11/15/2017 - 07:07
511 reads

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ආණ්ඩුව විවේඡනය කරමින් එක්බද්ධ විපක්‍ෂයට එක් වී ඇති බවට මේ වන විට වාර්තා පලවනවා.

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ කැඳවා තිබූ රැස්වීමක් අතරතුර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැමිණ ඇති අතර, එහිදි ඔහු ආණ්ඩුව තුළ පවතින අර්බුධ දැඩි ලෙස විවේඡනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදි තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ පිළිබඳව NEWS 24 ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් කළා.

කෙසේ වෙතත්, ඔවුන් කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැමිණි අතර එහිදි ඔහු ආණ්ඩුව තුළ පවතින අර්බුධ පිළිබඳව ද ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් ඉවත් වන බවට සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news