ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අද එක්සත් ජාතීන්ගේ සමාලෝචනයට

 11/15/2017 - 06:56
55 reads

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාව අද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යලි සමාලෝචනයට ලක් කිරිමට නියමිතව තිබෙනවා.

යුද අපරාධ චෝදනා සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතියයි  මෙම වාර්තාවට ඇතුලත්ව ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය යලි විමසා බලන බවයි මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම්

ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, පිළිබද මෙහිදි විමසා බැලෙනවා.

ප්‍රථම වරට ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කරනු ලැබුවේ 2008 වසරේදියි.

ඉන්පසු 2012 වසරේදී ද ඒ පිළිබද නැවත අධ්‍යනයක් සිදුකරනු ලැබුවා.

තුන්වන වරට අද දීනයේ එම වාර්තාව පිළිබඳ නැවත විමසා බැලිමක් සිදු කෙරෙන අතර එහි ප්‍රගතිය පිළිබද කවුන්සීලයේ ක්‍රියාකාරි කණ්ඩායම විසින් කරුණු අනාවරණය කිරීමට නියමිතයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news