කටුපොත, කඩහපොල රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල

 11/14/2017 - 20:40
14 reads

කටුපොත, කඩහපොල මාර්ගයේ පොල්පිටිය වැව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කැබ් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කානුවකට පෙරලී අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 7 දෙනෙකු සහ කුඩා ළමයින් තුන්දෙනෙකු සිටින බව සඳහන්.

තුවාල ලැබූවන් කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 9 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news