ඇවන්ට්ගාර්ඩ් නාවුක හමුදාවෙන් වන්දි ඉල්ලයි

 11/14/2017 - 19:08
89 reads

රුපියල් බිලියන දෙකයි මිලියන හාරසියයක වන්දි මුදලක් ඉල්ලා ඇවන්ට්ගාර්ඩ් සමාගම විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

2015 වසරේ නොවැම්බර් 13 වන දා මුහුදු ආරක්‍ෂණ සේවයේ යොදවා තිබූ ඇවන්ට්ගාර්ඩ් සමාගමට අයත් නෞකාවක් නාවුක හමුදාවට පවරා ගැනීමෙන් සිදු වූ අලාභය අය කර ගැනීම සඳහා මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

ආරක්‍ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, හිටපු නාවුක හමුදා ප්‍රධානී ට්‍රැවිස් සින්නයියා සහ වත්මන් නාවුක හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන්

රණසිංහ යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයා ද මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news