ඉන්ධන ගැටළුව ගැන සොයාබැලීමට පත් කළ අමාත්‍ය කමිටු වාර්තාව ජනපතිට

 11/14/2017 - 18:54
11 reads

ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව අද අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.

අනුකමිටු සාමාජික අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව සඳහන්.

පසුගිය දා ඇති වූ ඉන්ධන ගැටළුව පිළිබඳ සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසු ගිය 7 වන දා අමාත්‍යවරුන් 3 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කරනු ලැබුවා.

අමාත්‍ය පාඨලි චම්පික රණවක, සරත් අමුණුගම සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කමිටුවට ඇතුළත්.

 

news24.lk
News24
sri lanka news 24
24 news