කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

 11/14/2017 - 17:19
44 reads

විරෝධතාවක් හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හට ගත්තා.

NEWS 24 වාර්තාකරු සඳහන් කළේ ගනේතැන්න - මහන්තේගම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

ටයර් පුළුස්සමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් රථවාහන ගමනාගමනට බාධා එල්ල වුණා.

ගමනා ගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news