මාතලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගැටුමක්

 11/14/2017 - 16:32
91 reads

මාතලේ, ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් වැටුප් අර්බුදයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක නිරත වනවා.

මානව සම්පත් කළමනාකරණ අංශයේ මෑතකදී පත්වූ සාමාජිකයන් තම වැටුප් නිසි ලෙස නොගෙවන බවයි එහි සේවකයන් චෝදනා කරන්නේ.

සේවකයින් 850ක් පමණ මෙම කර්මාන්ත ශාලාවේ රැකියාවේ නියුතු අතර ඊයේ ආරම්භ කළ මෙම වැඩ වර්ජනය ඉල්ලීම් ඉටුකරන තුරු නොනවත්වන බවයි ඔවුන් සඳහන් කළේ.

මෙහිදී සේවකයින් සහ මානව සම්පත් කළමනාකරණ අංශයේ නිළධාරීන් අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා.

මහවෙල පොලිසියේ මැදිහත්වීමෙන් ගැටුම සමථයකට පත්වූ බවයි වාර්තා වන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news