මාලඹේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සියදිවි නසාගනියි

 11/14/2017 - 15:57
338 reads

අතුරුගිරිය - මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නිවෙසක් තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ළදරු නිෂ්පාදන භාණ්ඩ අලෙවි සැල් කිහිපයක හිමිකරුවෙකු වූ 38 හැවිරිදි අයෙක්.

අදාළ පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබුණේ ඔහු මීට මාස 3 කට පමණ පෙර කුලී පදනම මත අතුරුගිරිය, කහන්තොට, අලුබෝවත්ත ප්‍රදේශයේ  ලබාගත් නිවසකදියි.

තමන් සහ දරුවා තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, සිය සැමියාට එවන් නිවසක් තිබුණේ ද යන්න පිළිබඳව තමා දැනුවත්ව නොසිටි බවයි මියගිය පුද්ගලයාගේ විවාහක බිරිඳ සඳහන් කරන්නේ.

ඒ අනුව, මෙම මරණය තමාට සැක සහිත බව මියගිය පුද්ගලයගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

දේහය පළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතයි.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news