නිව් කාසල් කොළඹට

 11/14/2017 - 15:53
11 reads

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව් කාසල් නෞකාව අද (14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගෙන තිබෙනවා.

නිව් කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3 ක් වේ.

ටොන් 4200 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 184 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළ දී විවිධ වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 17 වන දින නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.  

 

news24.lk
News24
sri lanka news 24
24 news