ඉන්ධන හිඟය අතරතුර පිරවුම්හල් වසා දැමූවන් සොයා පරීක්ෂණයක්

 11/14/2017 - 14:14
12 reads

පසුගිය දා ඇති වූ ඉන්ධන හිඟයත් සමග රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පිරවුම්හල් වසා දමා ඉන්ධන නිකුත් නොකිරීමට කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් තොරතුරු රැස් කරන බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ එම තොරතුරු අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර, ඉන්ධන අර්බුදය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාරදීමට නියමිතව තිබෙනවා.
පසුගියදා මෙරට ඇති වු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබුවා.
අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළත්.

 

news24.lk
News24
sri lanka news 24
24 news