රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වුණත් විධායක අගමැතිවරයෙක් වෙන්න දෙන්නේ නෑ

 11/14/2017 - 14:01
130 reads

රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නායකයා වුවද ඔහුට කිසි විටෙකත් විධායක අගමැතිවරයෙකු වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසනවා.
හෙතෙම මේ බව කියාසිටියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

බොහෝම පැහැදිළියි අපේ ස්ථාවරය... මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන. ඒකීය රාජ්‍ය ව්‍යුහය බිඳ වැටෙන ආකාරයේ අලුත් ව්‍යවස්ථාවකට අපි එකඟ වෙන්නේ නැහැ. බැරි වෙලාවත් මේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පරණ ක්‍රමයටම ජනාධිපතිවරණයක් එනවා. අපි උපායමාර්ගික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි නැවතවරක් මේ රටේ විධායක ජනාධිපති ධුරයක් සඳහා වූ ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වන්න.  විධායක අගමැති ධුරය සඳහා වූ කතාව පිස්සු කතාවක්. සීමිත පිරිසක් බිල්ලෙක් මවනවා... අම්මෝ විධායක අගමැතිකමක් ඇති කරන්න යන්නේ... ඒ අගමැතිකම රනිල්ට ලැබුණොත් අපිට මොකද වෙන්නේ... නෑ... අපි... මගේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහට විධායක අගමැති වෙන්න දෙන්නේ නෑ. මොකද එහෙම ක්‍රමයක් මේ ලෝකේ නෑ. මේ උතුරේ දේශපාලනයේ උණුසුමක් තියෙනවා... ඇයි ඒ... මධ්‍යස්ථ මතධාරී ටී.එන්.ඒ. මතවාදයට එල්.ටී.ටී.ඊ. හිතවාදී අන්තවාදය කොටස් විසින් දැන් අභියෝගය කරනවා. හැම තැන අන්තවාදී කොටස්වලට ඕන මේක කඩාකප්පල් කරන්න.

 

news24.lk
News24
sri lanka news 24
24 news