අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය

 11/14/2017 - 13:38
8 reads

දින 6ක් පුරා පැවැත්වීමට නියමිත 2018 අය වැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය සඳහා අද පාර්ලිමේන්තුව රැස්වුණා.
විවාදය ආරම්භ වීමට ප්‍රථමයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, ටින් මාලු කර්මාන්තය පිළිබඳව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රශ්නයක් යොමු කළා. ගුණවර්ධන මහතා අමාත්‍ය මහින්ද අමරවීම මහතාගෙන් විමසා සිටියේ දේශීය ටින්මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් ඇත්ද යන්න විමසා සිටියා.
ඊට පිළිතුරු ලබා දෙමින් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ටින් මාළු කර්මාන්ත ශාලා හයක් මෙරට පවතින බවත් ඒවායේ සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන බවත්ය. එසේම මේ වන විට එම කර්මාන්ත ශාලාවලින් සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. එසේම ඔවුන් දැනට ටින් මාළු නිෂ්පාදනය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන මසුන් යොදා ගනිමින් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම අදාළ සවිස්තරාත්මක වාර්තා ලබාගැනීමෙන් පසුව ඔවුන් සමග සහ මත්ස්‍ය කර්මාන්තයේ යෙදන අයවළුන් සමගද සාකච්ඡා කර පාරිභෝගිකයා ආරක්ෂා කෙරෙන ආකාරයේ වැඩපිළිවෙළකට යොමු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.
අනතුරුව විවාදයට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වර්තමාන  ආණ්ඩුව මුහුණ දී ඇති ණය අර්බුදය පිළිබඳ මෙලෙස සිය අදහස් පල කළා.
ණය අරගෙන ණය ගෙවන්න වැල් පොලියට ණය ගත්ත පාලනයකින් අපි කොහොමද වැල් පොලියෙන් ගෙවන ක්‍රමයටත් මුළු මුදල හොයාගන්නේ කොහොමද කියන අභියෝගය අපිට අවුරුද්දක් තිබුණා. රජය හැටියට අභියෝගයක්. එතකොට අපිට අවුරුද්දක් ගත වුණා මුදල් අමාත්‍යංශයෙන් සොයා ගන්න අපි ලෝක බැංකුවෙන් ගත්ත ණය මුදලක කෙතරම්ද, ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය ප්‍රමාණය කොපමණද?
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද විවාදයට එක්වූ අතර ඔහු කියා සිටියේ ලෝක ආර්ථික බලපෑම් හමුවේ මෙරට ආර්ථිකය ද දැඞ් මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news